19 වැනි සංශෝධනය : පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේ ක්‍රියාවලිය පැහැදිලි කරගැනීම

by Asoka Obeyesekere posted over 5 years ago in විශ්ලේෂණ

 

පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මෙහිදි අවධානය යොමු කෙරෙන අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු පැහැදිලි කිරීමේ පහත අන්තර්ජාල සබැදියාවෙන් කියවිය හැක.

 පෙනෙන ආකාරයට එම තීන්දුව, ජනාධිපති නිළ කාර්යාලයට අදාළ විධායක බලතල අගමැති නිළ කාර්යාලයට පැවරීම සදහා වන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ආණ්ඩුවේ අභිප්‍රාය අධෛර්යයමත් කරන්නකි.

 අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනය ප්‍රති කෙටුම්පත් කිරීම වෙනුවට ‘ කමිටු අවස්ථාවේ දී ‘ වෙනස්කම් කිරීමට අවස්ථාව සලසා දීමට ය. මේ සදහා ප්‍රශස්ත මාධ්‍ය ආවරණයක් ලැබුණු අතර, කෙසේ වෙතත් පාර්ලිමේන්තු කමිටු අවස්ථාව පිළිබද විස්තරකථන සිදු නොවුන තරම් ය.

පාර්ලිමේන්තු ක්‍රමය තුළ, ඕනෑම නීති ප්‍රසම්පාදන කටයුත්තකට අදාළව ‘දෙවැනි වර කියවීමේ‘ අවස්ථාවක් ලැබේ. පනතක් දෙවැනිවර කියවීමෙන් පසුව, අදාළ ඡන්ද විමසීම සිදු කෙරෙන අතර ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සදහා ද සමස්ත පාර්ලිමේන්තුවෙන්  තුනෙන් දෙකක (මන්ත්‍රීවරු 225 න් 150 ක) බහුතරය ලැබිය යුතු වේ. එසේ  තුනෙන් දෙකක බහුතරය නොලැබුණහොත්, එය ඡන්දයෙන් පැරදුණු බව පිළිගැනීමට සිදු වන අතර කෙසේ වෙතත්, නීති ප්‍රසම්පාදනයේ අත්‍යවශ්‍යතාව සලකා එය ‘කමිටු අවස්ථාවක්‘ යටතේ සම්මත කර ගැනීමේ ප්‍රතිපාදනයක් ද තිබේ.

 

 කමිටු අවස්ථාව

 

සෑම පනතක් ම කාරක සභා අවස්ථාවට යොමු කරනු ලබන අතර වගන්තියෙන් වගන්තියට අනුමැතිය ලබාදීම සිදු කෙරේ. එය ආකාර දෙකකට සිදු විය හැකි ය. එක් අවස්ථාවක් වන්නේ ප්‍රධාන සභා ගර්භයෙන් පිටත ස්ථාවර කමිටු වෙත යොමු කිරීමයි. මෙම ආකාරය වැඩිපුර ම යොදා ගැනෙන්නේ ආණ්ඩුවේ පනත් වලට වඩා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික පනත් සදහා ය. තවත් අවස්ථාවක විකල්පයක් ලෙස පාර්ලිමේන්තුවේ මුලු සභාව ම කමිටුවක් බවට පත් වන අතර එවිට, සෙංකෝලය මේසය මතින් ඉවත් කර සභා ගර්භය කමිටුවක් සේ ක්‍රියා කරන බව සංකේතාත්මකව දක්වයි. මෙම අවස්ථාව ආණ්ඩුවේ පනත් සලකා බැලීමේ කඩිනම් ක්‍රමවේදය ලෙස භාවිතා වන අතර එය ස්ථාවර කමිටු මගින් පනත් සලකා බැලීමට වඩා කාර්යක්ෂම ය.

මෙම ක්‍රමවේදය පනත් ප්‍රසම්පාදනය සදහා වන සියුම් ක්‍රමවේදයක් වන අතර එහිදී අදාල නීති ප්‍රතිපාදනය සදහා එකතු කිරීම් සහ ඉවත් කිරීම් සිදු කිරීමට ද ඉඩ ප්‍රස්ථාව ලබා දේ. (ස්ථාවර නියෝග 37 -40)

හිටපු පාර්ලිමේන්තු මහලේකම් ප්‍රියානි විජේසේකර මහත්මිය විසින් රචිත ‘ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය‘ නැමැති ග්‍රන්ථයට අනුව,  ‘‘ එම කමිටු අවස්ථාවේ සංශෝධන ප්‍රධාන ප්‍රතිපත්ති වෙනස්කම් ලෙස නොසැලකෙන බව‘‘ දක්වා ඇති අතර,  කෙසේ වෙතත් එහිදී සිදු කෙරෙන වෙනස්කම්  ‘‘ ප්‍රමාණවත් තරම් තීරක වශයෙන් බලපෑම්සහගත වන්නේ නම්‘‘  මහජන දැන්වීම් කිරීම අවශ්‍ය බව හගවා තිබේ.

 

ආණ්ඩුවට මෙම විධිවිධානයන් මත පිහිටා 19 වැනි සංශෝධනය ප්‍රති කෙටුම්පත් කිරීමේන් තොරව කඩිනමින් සම්මත කර ගැනීමට හැකියාව ඇති අතර ආණ්ඩුවේ ඇතැම් පක්ෂ විශ්වාසය තබා ඇත්තේ එම කාර්යක්ෂම ක්‍රමවේදය පිළිබදව ය.

 

පාර්ලිමේන්තු ක්‍රමවේදයේ හිඩැස්

 

ව්‍යවස්ථාව හෝ ස්ථාවර නියෝග ගිවිසන තුරු, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක උපුටමින් Sunday Times [1] දක්වා තිබුණේ කමිටු අවස්ථාවේ දී පනත් සංශෝධනයක් සම්මත කිරීමට සරල බහුතරය ප්‍රමාණවත් බවත්, දෙවැනිවර කියවිමේ ඡන්දයේ දී මෙන් තුනෙන් දෙකක බහුතරයක් අනවශ්‍ය බව ත් ය. මෙය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බහුතරය ලබා ගැනීම අභියෝගයක් වූ සභාග ආණ්ඩුවක් සදහා බලපෑම් සහගත න්‍යායක් ලෙස පෙනිය හැකි අතර එහෙත් ඒ අනුව විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙවැනි වර කියවීමේ දී ව්‍යවස්ථා පනත සම්මත වීමට ඉඩ හැර කමිටු අවස්ථාවේ දී විවාදාපන්න සංශෝධන සදහා සලකා බැලීම් කරනු ඇත. මෙය අපේක්ෂිත තත්වයක් නොවන්නේ නමුත්, පවත්නා ව්‍යුහමය තත්වයන් යටතේ ‘වියහැකි තාවයක් ‘ වේ.

 කෙසේ වෙතත් කමිටු අවස්ථාව පිළිබද විශාල විසමතා පවතින අතර, ශ්‍රේෂ්ඨාධිකරණ ව්‍යවස්ථා අර්ථකථන මත කමිටු අවස්ථාවේ දී අදාළ සංශෝධනය සදහා එකතු කිරීම් සහ ඉවත් කිරීම් සිදු කිරීමට නිශ්චිත වූ විධිවිධානයන් නොමැත. ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යවස්ථා පනතක ව්‍යවස්ථානුකූලභාවය පසිදලිය හැකි නමුත් කමිටු අවස්ථාවේ දී එය මතභේදාත්මක විය හැකි අතර මෙය බලතල බෙදනයේ සංකීර්ණතාවයෙහි ලක්ෂණයක් වශයෙන් හදුනාගත යුතුය.

මෙම අවස්ථාවේ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ පැහැදිලිකිරීම් ද සහිතව කමිටු අවස්ථාවට ප්‍රවිශ්ඨ වීම තෝරාගෙන ඇති අතර, දැන් එකී ව්‍යවස්ථා සංශෝධනය කමිටු අවස්ථාවේ දී ඇති වන තත්වයන්ට විවෘත ය. කෙසේ වෙතත්, ක්‍රමවේදයමය වශයෙන් සංකූලතා තිබෙන්නේ වුවත්, සංශෝධනයේ ව්‍යවස්ථාමය ප්‍රතිවිපාකය අරබයා සම්මුතියේ එකගතාව හෝ විසම්මුතියේ විරෝධතාව දැක්වීමේ පරම වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවැරී ඇත.

 

Click here

ගැසට් කර ඇති 19 වැනි සංශෝධනය සදහා ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපනය

Click here