ජාතික ලැයිස්තු ක‍්‍රමයෙන් එහි අපේක්‍ෂිත අරමුණ ඉටු වනවාද?

by Manthri.lk - Research Team posted almost 7 years ago in විශ්ලේෂණ

 


 පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන්ගෙන් 25% ක් ජාතික ලැයිස්තුවෙන් පත්වන්නන්ය.
 විරුද්ධ පක්‍ෂයෙන් ජාතික ලැයිස්තුවෙන් පත් වන මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව දෙගුණයකි.

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව 225 කි. මේ අතරින් 186 ක් (87%* දිවයිනේ දිස්ත‍්‍රික්ක 24 න් මහජන ඡුන්දයෙන් තෝරා පත් කරනු ලබන්නන් වන අතර, ඉතිරි 29 දෙනා (13%* ජාතික ලැයිස්තුවෙන් පත් වෙති. 

ජාතික ලැයිස්තු ක‍්‍රමයේ අරමුණ:
ජාතික ලැයිස්තු ක‍්‍රමයේ අරමුණ වන්නේ සමාජයේ ගෞරවාදරයට පත්ව සිටින එමෙන්ම සිය දිවියෙන් වැඩි කොටසක් විවිධ ශාස්ත‍්‍රීය හැදෑරීම් සඳහා කැප කළ එහෙත් දේශපාලන අත්දැකීමක් හෝ පසුබිමක් හෝ ඡුන්ද පදනමක් නොමැති වියතුන්ට සහ උගතුන්ට පාර්ලිමේන්තුවට වක‍්‍රව ප‍්‍රවේශය ලබා දී මහජන සේවයක් ඉටු කිරීමට එම උගතුන්ට අවස්ථාව සැලැසීම හා එමගින් ඔවුන්ගේ ශාස්ත‍්‍ර ඥානයෙන් රටට ප‍්‍රයෝජන ලබා ගැනීමයි.   

ජාතික ලැයිස්තු ක‍්‍රමය සාර්ථක වී තිබේද?
මෙම ප‍්‍රශ්නය තවත් වැදගත් ප‍්‍රශ්නයකට තුඩු දෙයි. එනම්  ජාතික ලැයිස්තුවෙන් පත් වන මන්ත‍්‍රීවරුන් තමන් එසේ ලබන පත් වීම සාධාරණීකරණය කරමින් පොදු සේවයට ප‍්‍රමාණවත් දායකත්වයක් ලබා දෙන්නේද යනු එම ප‍්‍රශ්නයයි. මේ දක්වා මෙම පැනයට පැහැදිලි හා එක එල්ලේ පිළිතුරක් ලබා දෙන තත්වයක් තිබුනේ යැයි කිව නොහැක. නමුත් අප හඳුන්වා දී ඇති ප්බඑයරසගකන නම් වන අද්වීතීය වෙබ් පිටුව මගින් පාර්ලිමේන්තුවේ සිටින සෑම මන්ත‍්‍රීවරයෙකුවම ප‍්‍රමාණාත්ම ලෙසින් මෙන්ම සපේක්‍ෂ ලෙසින්ද ඇගයීමක් සිදු කිරීමට හැකි වනු ඇත. ඒ අනුව උක්ත ප‍්‍රශ්නයට වඩාත් පැහැදිලි පිළිතුරක් ලබා ගැනීම සාක්‍ෂාත් වී ඇත. 

ඒ අනුව මෙයට පිළිතුර වන්නේ...
සමස්තයක් වශයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන්ගෙන් 25% ම ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවැරුන් වන අතර එහි බහුතරයක් විරුද්ධ පක්‍ෂයෙන් නම් කරනු ලබන්නන් වෙති. ඇත්තෙන්ම දිස්ත‍්‍රික්ක ලැයිස්තු මන්ත‍්‍රී සංඛ්‍යාවට වඩා ආණ්ඩු පක්‍ෂයෙන් පත් කරනු ලබන ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව 10%කින් පමණ අඩුය.  

ජාතික ලැයිස්තු ක‍්‍රමය එහි අරමුණ ඉටු කරන බවක් පෙනෙන්නේ විරුද්ධ පක්‍ෂයේ පත්වීම් නිසා වන අතර ජාතික ලැයිස්තුව සඳහා රජයෙන් පත් කරනු ලබන මන්ත‍්‍රීවරුන් ඔවුන්ගෙන් අපේක්‍ෂිත මෙහෙය ඉටු කරන බවක් නොපෙනේ්. 

ක‍්‍රියාකාරකම් විශ්ලේෂණය:

2012 මැයි සහ 2013 අගොස්තු අතර කාල වකවානුවෙහි මන්ත‍්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කි‍්‍රයාකාරකම් සම්බන්ධ දත්ත විමැසුමට ලක් කරන ලද කල, දිස්ත‍්‍රික්කයෙන් පත් වුනු ලැයිස්තුවේ මන්ත‍්‍රීවරුන්ට වඩා ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව සඳහා 25% ක් ඵලදායී ලෙසින් කාලය ලබා දී තිබෙන බව පෙනී ගියේය.  



එසේ වුවද ඔවුන්ගේ දායකත්වය එතරම් ප‍්‍රසංශනීය වූයේ යැයි කිව නොහැක. පාර්ලිමේන්තුවෙහි විශිෂ්ඨතම දායකත්වය (10%* ලබා දුන් මන්ත‍්‍රීවරුන් 22 අතරින් ජාතික ලැයිස්තු මන්ත‍්‍රවරුන් සිව් දෙනෙකු සිටිති. මෙම මන්ත‍්‍රීවරුන් හතර දෙනා පිළිවෙලින් අනුර කුමාර දිසානායක (ජවිපෙ*, ඒ. එච්. එම්. අස්වර් (සන්ධානය*, හර්ෂ ද සිල්වා (එජාප* සහ ඉරාන් වික‍්‍රමරත්න (එජාප* ආදීන් වෙති. එමෙන්ම පහළින්ම සිටින මන්ත‍්‍රීවරුන් 10% අතරද ජාතික ලැයිස්තුවෙන් පත් වූවන් සිව් දෙනෙකු සිටිති.

විරුද්ධ පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් 12 ක් සිටින අතර රජයේ සන්ධානයේ 17 ක් සිටිති. ආණ්ඩු පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන්ගේ දායකත්වයට වඩා විරුද්ධ පක්‍ෂයෙන් පතු වුණු ජාතික ලැස්තු මන්ත‍්‍රීවරුන්ගේ දායකත්වය දෙගුණයක් බව පෙනී ගියේය. 

ජාතික ලැයිස්තු  කි‍්‍රයාත්මක වන ආකාරය:
ජාතික ලැයිස්තුව සඳහා තම පක්‍ෂයෙන් පුද්ගලයන් නම් කිරීම සඳහා වන වරම දේශපාලන පක්‍ෂ ලබන්නේ එක දිස්ත‍්‍රික්කයකින් ලබා ගත් ඡුන්ද සංඛ්‍යාව අනුව නොව ජාතික වශයෙන් ලබා ගන්නා ඡුන්ද සංඛ්‍යාව අනුවය. මෙම ක‍්‍රමෝපායටිජාතික ලැයිස්තුව’ යන නම යෙදුනේ මේ හේතුව නිසාය.   

තවද ජාතික ලැයිස්තුව සඳහා දේශපාලන පක්‍ෂ විසින් නම් ප‍්‍රකාශයට පත් කළ යුත්තේ ඡුන්දය පැවැත්වීමට පෙරය. ඔවුන් පසුව පත්වීම් ලබා දිය යුත්තේ එසේ ප‍්‍රකාශයට පත් කළ පුද්ගලයන් අතුරින් තෝරා ගනු ලබන්නන්ටය. තමන් කැමති පුද්ගලයන් තිදෙනෙකුට මනාප ඡුන්ද ලබා දීමේ දිස්ත‍්‍රික්ක ක‍්‍රමය මෙන් නොව ජාතික ලැයිස්තුවේ පුද්ලයන් සඳහා මනාප දැක්වීමක් කළ නොහැක. අදාල පක්‍ෂයට ලැබුනු ඡුන්ද සංඛ්‍යාව අනුව ජාතික ලැයිස්තුවේ මන්ත‍්‍රීරවැන්ව වක‍්‍රව තෝරා පත් කරනු ලබන්නන් යැයි කියනු ලබන්නේ මේ නිසාය.

 


comments powered by Disqus