මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් රජයන ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුවේ ලිඛිත ප‍්‍රශ්න අවකාශය

by Manthri.lk - Research Team posted almost 7 years ago in විශ්ලේෂණ

 

  පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ජනතා මතය නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට භාවිතා කළ හැකි ක‍්‍රමවේද ගණනාවක් තිබේ. එම ක‍්‍රමවේදයන් භාවිතා වන ආකාරය දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ ඇතැම් ක‍්‍රමවේදයන් මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුගේ අධිකාරියට යටත්වී ඇති බවයි. www.manthri.lk  යනු ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු කටයුතු  නිරීක්ෂණය හා විශ්ලේෂණය සඳහා වන වෙබ් අඩවියකි. එමගින් සිදු කරන ලද විශ්ලේෂණයකදී අනාවරණය වූයේ ‘ලිඛිත ප‍්‍රශ්න‘ ඇසීමට ඇති සමස්ත පාර්ලිමේන්තු අවකාශයෙන් 2/3 ක් පමණ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 5 දෙනෙකුගේ අධිකාරියට යටත්වී ඇති බවයි. මෙම විශ්ලේෂණය සඳහා 2012 මැයි සිට 2013 මැයි 31 ආවරණය කෙරෙන මාස 16 ක කාල සීමාව තුළ දත්ත යොදා ගන්නා ලදී. මෙම කාල පරාසය තුළ පාර්ලිමේන්තුවට ලිඛිත ප‍්‍රශ්න 952 ක් ඉදිරිපත් විය. ( එනම් සාමාන්‍ය වශයෙන් මසකට ලිඛිත ප‍්‍රශ්න 60 ක් පමණය. මෙම ලිඛිත ප‍්‍රශ්න වලින් 662 ක් පමණ ( එනමි 2/3 ක් ප‍්‍රමාණයක් ඉදිරිපත්කොට තිබුණේ ජෝන් අමරතුංග , බුද්ධික පතිරණ , රවී කරුණානයක , දයාසිරි ජයසේකර  හා සජිත් පේ‍්‍රමදාස යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 5 දෙනෙකුගෙන් සැදුම්ලත් ඉතා කුඩා කණ්ඩායමකි. දිනකට පාර්ලිමේන්තුව තුළ සාමාන්‍ය වශයෙන් ලිඛිත ප‍්‍රශ්න 7 ක් 8 ක් පමණ ඉදිරිපත් කෙරෙන අතර ඉන් 5ක් පමණ ඉදිරිපත්කර ඇත්තේ මෙම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පස්දෙනා විසිනි. රූප සටහනේ දක්වා ඇති ආකාරයට මෙම මන්තී‍්‍රවරුන් පස් දෙනාම එකම දේශපාලන පක්ෂයක් එනම් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බවයි. (මීට පෙර manthri.lk  වෙබ් අඩවිය විසින් සිදුකළ පාර්ලිමේන්තු පෙත්සම් පිළිබඳ විශ්ලේෂණයේදී ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් විසින් අනෙක් දේශපාලන පක්ෂවල මන්තී‍්‍රවරුන් අභිබවමින් ප‍්‍රමුඛස්ථානය ගෙන කටයුතු කළ බව අනාවරණය විය)  



ලිඛිත ප‍්‍රශ්න ක‍්‍රමවේදයෙහි කාර්යභාරය 

පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ලිඛිත ප‍්‍රශ්න ඇසීම සඳහා ඇති ක‍්‍රමවේදය පිළිබඳව ස්ථාවර නියෝගවල 29(1) කොටස මගින් මෙසේ දක්වා ඇත. ‘‘ප‍්‍රශ්නයක් ඇසීමෙන් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන නිසි අරමුණ වනුයේ ප‍්‍රශ්න කරනු ලබන ඇමතිවරයාගේ විශේෂ දැනුමට ගොදුරුවන සිද්ධීන් පිළිබඳ තොරතුරු ඔහුගෙන් ලබා ගැනීම හෝ කි‍්‍රයා කරන ලෙස ඇයද සිටීම වේ‘‘ මෙය පාර්ලිමේන්තු කටයුතු තුළ ‘ප‍්‍රධාන කටයුතු‘ ගණයට අයත්වන අතර මෙහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විසින් මහ ජනතාව නියෝජනය කෙරෙන පරිදි කරුණු ඉදිරිපත් කිරීමත් ඒ සඳහා කි‍්‍රයා කිරීමට විෂයභාර ඇමතිවරයා සහ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු කිරීමත් සිදුවේ.   

ලිඛිත ප‍්‍රශ්න ක‍්‍රමවේදයෙහි දුර්වලතා          

ස්ථාවර නියෝග තුළ ලිඛිත ප‍්‍රශ්න සඳහා යොදා ගන්නා ක‍්‍රමවේදය හේතුකොටගෙන මෙම දුර්වලතා ගොඩනැගී ඇත. පළමු කරුණ වන්නේ ලිඛිත ප‍්‍රශ්න ඇසීම සඳහා වෙන්කොට ඇති පාර්ලිමේන්තු කාල සීමාවයි. පාර්ලිමේන්තු දිනක් තුළ ලිඛිත ප‍්‍රශ්න ඇසීම සඳහා වෙන්කොට තිබෙන්නේ පැය භාගයක පමණ කාල සීමාවක් (නමුත් ප‍්‍රායෝගිකව දිනකට පැයක පමණ කාලයක්) බැවින් එක් දිනක් තුළ ඇසියහැකි ප‍්‍රශ්න සංඛ්‍යාව ඉතා සීමිතය. දෙවැනි දුර්වලතාවය වන්නේ ප‍්‍රශ්න ඇසීම සඳහා අවකාශය ලබාදෙන ආකාරයයි. එනම් මන්තී‍්‍රවරුන් විසින් ප‍්‍රශ්න ඉදිරිපත් කෙරෙන අනුපිළිවෙලට අනුව එය සිදුකෙරේ. ( ඕනෑම මන්තී‍්‍රවරයෙකුට දිනකට ඉදිරිපත් කළහැකි  උපරිම ලිඛිත ප‍්‍රශ්න සංඛ්‍යාව 03 කි)  එම නිසා මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු විසින් සෑම අවස්ථාවකදීම පාහේ ලිඛිත ප‍්‍රශ්න ඇසීමට ඇති අවකාශය තම අධිකාරයට යටත්කර ගැනීමට සමත් වී ඇත. මෙම දුර්වලතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ අවධානයට යොමුවිය යුතු අතර ඔවුන් ලිඛිත ප‍්‍රශ්න සඳහා බලපවත්නා ස්ථාවර නියෝග ක‍්‍රමවෙිදය වෙනස් කිරීමට කටයුතු කිරීම වැදගත් වේ. මෙම දුර්වලතා ඉවත් කරනතෙක් පවතින ක‍්‍රමය තුළ මෙම මන්තී‍්‍රන් පස්දෙනා ලිඛිත ප‍්‍රශ්න ඇසීමේ ශූරයන් ලෙස තවදුරටත් කටයුතු කරනු ඇත.

 


comments powered by Disqus